THE THIEF
නුවරඑළියේ සීතල මීදුම් කඳුකරයේ,
තේ වතු මැද හුදෙකලා වූ,
ග්ලෙන්රොක් නම් අධි ආරක්ෂිත බංගලාවක්…
Mr.V නමින් හඳුන්වාගන්නා,
ඔබේ සේවාදායකයාගෙන් ලැබෙන,
මිලියන පහක කොන්ත්රාත්තුවක්…
දින තුනක් තුළ සිදු කළ යුතු,
සොරකමක්…
මෙහෙයුමට අවතීර්ණ වීමට ඔබ..
සෙවණැලි අතරින් ඇදෙන අවතාරයක් වෙනවාද?
මිනිසුන් මුලා කර ප්රයෝජන ගන්නා, රවටන්නෙක් වෙනවාද?
නැතිනම්… ග්ලෙන්රොක් භූමියම ලෙයින් තෙත් කරන ඝාතකයෙක් වෙනවාද?
තීරණය ඔබේ අතේ…
ඒත් මතක තබාගන්න,
මේ ඔබ නිකම් කියවාගෙන යන සාමාන්ය නවකතාවක් නොවෙයි.
දිවි ගලවා ගන්නට උත්සහ කරන බියකරු සිහිනයක්…
ගලපන්නට උත්සහ කරන අසීරු ප්රෙහෙළිකාවක්…
ගන්නා සෑම තීරණයකම වගකීම ඔබ සතුයි…
ඒ සෑම තීරණයකම ප්රතිවිපාක ඔබ විඳිය යුතුයි…
ඉතින්,
ඔබේ අවසානය කෙසේ වේවිද?